හොදම එක

Monday, May 2, 2011

සිත සුවපත් නම් මුහුණත් ලස්‌සනයි

සිත සුවපත් නම් මුහුණත් ලස්‌සනයි


ඔබ ගන්නා ආහාරයෙන් පළමු කොටස සතෙකු සඳහා වෙන්කරන්න, ඔබ වෙනුවෙන් ආහාර පිළියෙළ කළ අයට, ආහාර සපයා දුන් අයට, භෝග වගා කළ අයට, ඒවා වෙළෙඳපල වෙත ගෙන ආ අයට පවා සිතින් සෙත් පතන්න. යමෙක්‌ ඔබට ආහාරයක්‌ හෝ යමක්‌ පිරිනැමූ විට බොහෝම ස්‌තුතියි යෑයි මුව පුරා පවසන්න. ඔබ බෞද්ධයෙකු නම් බොහොම පිං යෑයි පවසන්න.

ආහාර පිළියෙළ කරන ගෘහණිය ඔබ නම් මෙත් සිතින්ම ආහාර පිළියෙළ කරන්න. මේ ආහාරය මාගේ පවුලේ සියළු දෙනාට දිව්‍යමය ආහාරයක්‌ වේවා මෙයින් ඔවුන්ගේ ආයුවර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. දීර්ගායුෂ ලැබේවා වැනි මෙත් සිතිවිලි වලින් යුතුවම ආහාර පිසින්න.

ඔබ පිසූ ආහාරය පිළිගන්වන විට පවා එලෙස සිතන්න. උදෑසන තේ කෝප්පය පිළිගන්වන විට පවා ඔබට සැමියා හෝ දරුවන් වෙත මෙත් සිතිවිලිද තිළිණ කරන්න.

බස්‌ රථයේ හෝ පෞද්ගලික වාහනයේ නැගී දෛනිකව රැකියාවට එනවිට ඔබ පසුකර යන, ඔබට හමුවන මිනිසුන්ට සෙත් පතන්න. සුවිසල් මන්දිර වල වෙසෙන මිනිසුන්ටද මහමග යදින මිනිසුන්ටද සම සිතින් මෙත් වඩන්න.

රැකියා ස්‌ථානයේ සිටින සියලු දෙනාගේ ජිවිත ආලෝකමත් වේවායි මෛත්‍රී කරන්න. ඔබගේ ජීවිතයට ලබාදෙන සහය වෙනුවෙන් රැකියා ස්‌ථානයට සෙත් පතන්න. නිලධාරින්ට හෝ හිමිකරුවන්ටද සෙත් පතන්න.

ඔබ මසන ඇඳුමෙන් එය අදින්නා වඩා රූමත් හා ප්‍රසන්න අයකු වේවා සිතන්න.

ඔබ ලියන පොත කියවා අන් අයගේ ජීවිත සුත මුදිත වේවායි පතන්න.

ඔබේ රූපලාවණ්‍ය උපදෙස්‌ පතනවුන්ගේ පෙනුම දිනෙන් දින වැඩි දියුණු වේවායි පතන්න.

ඔබ විකුණන භාණ්‌ඩ හෝ සේවාව මිලදී ගන්නාගේ ජීවිතයට අනන්ත සුවය හා සතුට පතන්න.

ඔබ ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර වලින් ජීවිත අනන්ත සුවපත් භාවය ලබත්වායි සිතන්න.

ඔබ කුමන තරාතිරමක

රැකියාවක්‌ කළද ඔබේ ක්‍රියාවන් සමග මෛත්‍රීය නිසි පදමට මුසුකරන්න.

ඔබගේ හද රිදවන අපහාසාත්මක දෑ පවසන මිනිසුන්ටද, ඔබ බිම වැටෙන තුරු බලා සිටින්නන්ටද ඔබට පහර දීමට උත්සහ දරන හෝ ඔබ සතු දේ පැහැර ගැනීමට මානන මිනිසුන්ටද මෙත් වඩන්න. ද්වේශයෙන් රත් වූ මිනිසුන්ගේ සිත් මෛත්‍රීයෙන් සිසිල් වේවායි පතන්න.

ඔබ මුව තුළින් ගන්නා ආහාරය කිසිවෙකුගේ ජීවිත අයිතියක්‌ පැහැර නොගත් එකක්‌ වන බවට වග බලාගන්න.

ඔබ අතට ගන්නා මුදල කිසිවකුට වංචා කිරීමෙන් හෝ කිසිවෙකුට රිදවීමෙන් ගත්තක්‌ නොවන බවට වග බලාගන්න.

ඔබේ මුවින් පිටවන වචන සිත නිවන ඒවා මිස සිත් දවන ඒවා නොවන බවට වග බලාගන්න.

මෙත්තානිසංස (මෛත්‍රීයේ අනුසස්‌) සූත්‍රයෙහි පවසන පරිදි ඔබගේ සිත තුළ මෛත්‍රිය වස්‌තුවක්‌ මෙන්

රැකගන්න. බහුලව භාවිත කරන්න. බහුලව වඩන්න, යානාවක්‌ මෙන් හුරු පුරුදු කරන්න.

මෙලෙස ජීවිතය තුළ නිතර මෛත්‍රී භාවයන් වැඩීමෙන් පහත සඳහන් ප්‍රතිලාභ එකොලහ (11) ලබාගත හැකිය

සුවසේ නිදන්නට , සුවසේ අවදිවීමට, නපුරු සිහින නොදැකීමට, අමනුෂ්‍යයින් අතර පවා ප්‍රියවීමට, දෙවියන්ගේ ආරක්‌ෂාව ලැබීමට, ගින්නෙන්, වසවිස, ආයුධවලින් හානි නොවීමට, සිතේ සන්සුන් බව ඇතිවීමට, මුහුණ පැහැපත් වීමට, සිහියෙන් අවසිහියෙන් තොරව මරණයට මුහුණ දීමට , මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට

මෛත්‍රීය එතරම්ම ප්‍රබලය, එසේ ජීවිතයේ සියලු ප්‍රශ්නවලට විසඳුම ලැබෙයි.

එනිසා මෛත්‍රී භාවනාව ජීවිතය සමග බද්ධ කරගනිමින් ජීවිතය දිනාගන්න

අනාගතයේ අපට මුහුණ දීමට සිදුවන බව පැවසෙන ලෝක විනාශයේදීද මෙය කදිම හා ප්‍රබල ආරක්‌ෂක ක්‍රමයක්‌ වනු නියතය.

ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය විනාශ කළ ඇමරිකානු රහස්‌ මෙහෙයුම

ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය
විනාශ කළ ඇමරිකානු රහස්‌ මෙහෙයුම


බින් ලාඩන් සිටි සුවිසල් මැඳුර චන්ද්‍රිකා ඡායාරූපයක දිස්‌වූ අයුරු

* බින් ලාඩන්ගේ සිරුර මුහුදේ සඟවයි

* ඇමරිකානු බ්ලැක්‌හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකක සිටි විශේෂ බළකා භටයන් විසි දෙනෙක්‌ බින් ලාඩන් මෙහෙයුම දියත් කරයි

* බින් ලාඩන් සිටියේ පකිස්‌තානයේ හමුදා ගොඩනැඟිල්ලකට යාර 100 ක්‌ ඇතින් පිහිටි දැඩි ලෙස රැකවරණ කළ සුවිසල් මැඳුරක

* ප්‍රහාරයෙන් බින් ලාඩන්ගේ පුත්‍රයෙක්‌, තරුණ බිරිය, සොහොයුරා ඇතුළු පස්‌ දෙනෙක්‌ ඝාතනය වේ

* බින් ලාඩන් අල්ලා ගැනීම හෝ මරා දමන්නැයි මා සී.අයි.ඒaaA. ප්‍රධානි ලියොන් පැනේටාට නියෝග කළා. -

"නීතිය ඉටු කරනු ලැබුවා" - ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා

Justice has been done -Barak Obama

ඇමරිකානු ජනාධිපතිවරයා මේ නීතිය ඉටු කළ බව පැවසුවේ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම ගැනය. බින් ලාඩන්ව ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කළේ ඇමරිකානු ප්‍රහාරක එAකකයකි. ඝාතනය කරනු ලැබුවේ පකිස්‌තානය තුළය.

බින් ලාඩන් විනාශ කර දැමීමට පෙර යටත් වෙන ලෙස ඔබාමා පැවසුවේ නැත. සුදු කොඩි ඔසවා යටත් වන ලෙස එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ද පවසා නැත. ඇමරිකානු ප්‍රහාරක එAකකයකට ඇµaගනිස්‌තානයේ සිට පකිස්‌තානයට ගොස්‌ බින් ලාඩන් මරා දැමීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න ඇමරිකානු හියුමන් රයිට්‌ස්‌ වොච් හා ලුවිස්‌ ආබර්ගේ ඉන්ටර් නැෂනල් ක්‍රයිසන් ගෲප් සංවිධානය මගින් ප්‍රශ්නයක්‌ නැඟුයේ ද නැත.

ඔසාමා ඝාතනය කිරීම යුද අපරාධයක්‌ බවට හඬක්‌ ද නොනැඟුණි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ද නිහඬ වූවාය.

එහෙත් දහස්‌ ගණනක්‌ ඇමරිකානුවන්ගේ මරණවලට වගකිවයුතු යෑයි කියමින් ඔබාමා විසින් අල්ඛයිඩා නායකයා ඝාතනය කිරීමට නියෝග කළේය. මේ අනුව ඔබාමා "පැමිණිලිකරු-විනිශ්චයකරු-ජූරිය සහ අළුගෝසුවා" ලෙස ක්‍රියා කර ඇත.

නීතිය ඉටුකර ඇත යනුවෙන් ඔබාමා ප්‍රීතිඝෝෂා කළේ බින් ලාඩන් ඝාතනයවීම ගැනය. එහෙත් බින් ලාඩන් බිහි කළේ කවුරුන්ද? එA ඇමරිකානු සී.අයි.එA. සංවිධානයයි. 1999 ජනවාරි 17 වැනිදා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත පැවසුවේ ප්‍රැන්කස්‌ටින් නමැති යක්‍ෂයාව නිර්මාණය කළේ සී.අයි.එA. සංවිධානය බවයි. (FRANKENSTEIN THE CIA CREATED)

ඔසාමා බින් ලාඩන් ඇතුළු කණ්‌ඩායමට ත්‍රස්‌ත පුහුණුව සහ අවි ආයුධ පවා සපයා ඇත්තේ ද ඇමරිකානු බුද්ධි සේවාව වූ සී.අයි.එA. සංවිධානයයි. (Training and weaponary mainly Supplied by the CIA)

ඇමරිකානු සී.අයි.එA. සංවිධානය විසින් බින් ලාඩන්ට දී තිබූ අන්වර්ථ නාමය වූයේ ටිම් ඔස්‌මාන්ය. (Tim Osman)

පකිස්‌තානයේ පෙෂාව්ර්හි සිට ක්‍රියාත්මක වන අහ්මද් රෂිද් නමැති මාධ්‍යවේදියා වරක්‌ පැවසුවේ 1986 දී සී.අයි.එA. නිර්මාතෘ විලියම් කේපී විසින් ඉස්‌ලාමීය සටන්කාමීන් රැසක්‌ පකිස්‌තානයේ රහසිගත ස්‌ථානවල පුහුණු කිරීම සඳහා බඳවාගත් බවයි. මෙය සනාථ කළේ ඇමරිකානු එA.බී.සී. රූපවාහිනියේ හිටපු විමර්ශකයකු වූ වෝන් කුල්ය. ඇමරිකානු සී.අයි.එA. සංවිධානය වර්ජිනියා ප්‍රදේශයේ සී.අයි.එA. පුහුණු කඳවුරකදී බින් ලාඩන්ගේ පිරිසට පුහුණුවීම් දුන් බවත් මෙම පුහුණුවීම්වලට කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීම ගැන ද ඇතුළත් වූ බවත් ඔහු හෙළි කළේය. (The CIA Trained Osama Bin Laden and other Arabs in the techniques of Terrorism)

මේ පුහුණුවීමේ මෙහෙයුම ඔපරේෂන් සයික්‌ලෝන් (OP-Cyclone)

මෙලෙස ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය විසින් නිsර්මාණය කළ බින් ලාඩන්ව ඝාතනයට ලක්‌වූයේ පකිස්‌තානයේ ආමොටාබාඩ්හි සුවිසල් නිවසක සැඟවී සිටියදීය.

සී. අයි. ඒ. සංවිධානය විසින් මෙහෙය වන ලද ඇමරිකානු දිගු දුර ප්‍රහාරක එAකකයක්‌ විසින් බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය.

"ඔසාමා මරා දැමීමේ මෙහෙයුම මා අනුමත කළා"යෑයි බින් ලාඩන් ඝාතනයවීමෙන් විනාඩි 30 කට පසු ඇමරිකානු ජනාධිපති ඔබාමා කියා සිටියේය.

ඔබාමා මේ ඝාතනය ගැන හිටපු ජනාධිපති ජෝර්- බුෂ්ට ද දැනුම් දුන්නේය. ජෝර්- බුෂ් ද එA සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළේය. "භීෂණයට එරෙහි සටන ගෙනයනවා. ඇමරිකාව අද භීෂණය ගෙන යන අයට පණිවුඩයක්‌ යවනු ලැබුවා. කොපමණ කලක්‌ ගතවුවත් නීතිය ඉටු කරනවා" යන්න එම පණිවුඩය යෑයි ජෝර්- බුෂ් පළ කළේය.

මේ ප්‍රකාශයෙන් ඔහු සෘජුව පැවසුවේ ඇමරිකාවට එරෙහිව ක්‍රියා කරන ත්‍රස්‌තවාදීන් කොතනැක සිටියත් මරණ බවයි. ඇෆ්ගනිස්‌තානයේ සිට පකිස්‌තානයට ගිය ඇමරිකානු ප්‍රහාරක එAකකය විසින් බින් ලාඩන් ඝාතනය කිරීම ගැන බටහිර මාධ්‍ය අපමණ ලෙස සතුටට පත්වී ඇත.

මේ ප්‍රහාරක එAකකය සතුව ලේ පටලවලින් නිසි පුද්ගලයා හඳුනා ගැනීමේ උපකරණ පවා තිබිණි.

බින් ලාඩන්ගේ සිරුර පවා ඇමරිකානු හමුදා එAකකය විසින් සොයා ගැනීමෙන් පසු ඩී.එන්.එA. හෙවත් ලේ පටල පරීක්‍ෂාව සිදු කිරීමෙන් සිරුර බින් ලාඩන්ගේ යෑයි සනාථ විය.

මේ නිසා ප්‍රකාශයක්‌ කළ ඇමරිකානු ජනාධිපති ඔබාමා මෙතෙක්‌ ලැබූ විශාලතම ජයග්‍රහණය මෙය බව කියා සිටියේය.

බින් ලාඩන් ඝාතනයවීම සම්බන්ධ පුවත ප්‍රකාශයට පත්වීමත් සමගම ඇමරිකාවේ ධවල මන්දිරය සමීපයේ රැස්‌වූ ඇමරිකානු වැසියන් පිරිසක්‌ ප්‍රීති ඝෝෂා පවත්වා ඇත.

මෙලෙස ප්‍රීතිඝෝෂා පැවැත්වීම වැරැද්දක්‌ යෑයි කිසිම මානව හිමිකම් සංවිධානයක්‌ පැවසුවේ නැත. මේ අතර ඇමරිකානු මාධ්‍ය පැවසුවේ බින් ලාඩන් පමණක්‌ නොව පවුලේ අනිකුත් සාමාජිකයන් ද මරුමුවට පත්වී ඇති බවයි. (Bin Laden was Killed along with other members of his family.-U.S.official said)

මේ පසුබිම මැද බින් ලාඩන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මානව හිමිකම් ගැන කිසිම මානව හිමිකම් සංවිධානයක්‌ හඬනඟා නැත.

3000 කට අධික ජනතාවක්‌ මරුමුවට පත් කරමින් වසර 10 කට පෙර ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධව වගකිවයුතු අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් පමණක්‌ නොව පවුලේ සියලු දෙනාම ඝාතනය කිරීමට ඔබාමා අවසර දී ඇතැයි මින් සනාථ වේ.

මෙලෙස බින් ලාඩන්ගේ පවුලේ අය මැරීමට ඔබාමාට අවසර දුන්නේ කවුරුන්ද? 1957 මාර්තු 10 වැනිදා සෞදි අරාබියාවේ ධනවත් පවුලක උපන් ඔසාමා බින් ලාඩන්ට දරුවන් විසිපස්‌ දෙනෙකු සිටින බව වාර්තා වේ. 1967 දී ඔහුගේ පියා වූ මොහමද් බින් ලාඩන් ගුවන් අනතුරකින් මරුමුවට පත්විය.

විද්යුත් උපාංග ගැන මැනවින් දන්නා ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ බින් ලාඩන්ට එරෙහිව මුලින්ම අන්තර්ජාතික වරෙන්තුවක්‌ ප්‍රකාශයට පත් කළේ ලිබියාවයි. 1998 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්‌ලින්ටන් විසින් නියෝගයක්‌ නිකුත් කරමින් බිල් ලාඩන් අත්අඩංගුවට ගෙන ඇමරිකාවට ගෙන එන්නැයි සී.අයි.එA. සංවිධානයට නියෝග කළේය.

1998 අගෝස්‌තු 20 වැනිදා ඇමරිකානු ප්‍රහාරක නාවික යාත්‍රා මගින් ඇµaගනිස්‌තානයේ කෝස්‌ට්‌ ප්‍රදේශයේ පිහිටි බින් ලාඩන්ගේ කඳවුරුවලට කෘස්‌ මිසයිල 66 ක්‌ එල්ල කළත් එම කඳවුරුවල බින් ලාඩන් නොසිටි බව හෙළි විය.

1999 වසරේදී සී.අයි.එA. සංවිධානය විසින් පකිස්‌තාන් හමුදාවේ සහාය මැද කමාන්ඩෝ භටයන් 60 කගෙන් යුත් පිරිසක්‌ යවා බින් ලාඩන් සිටි ස්‌ථානයට ප්‍රහාර එල්ල කිරීමට දියත් කළ සැලසුම අතරමඟ නතර විය.

එහෙත් 2005 දී සී. අයි. ඒ. සංවිධානය ඔසාමා බින් ලාඩන් විනාශ කරලීම සඳහා අතුරු හමුදා ඒකක පුහුණු කරනු ලැබීය.

සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග ඇමරිකානු රජය ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා තොරතුරක්‌ සපයන්නකුට ඩොලර් කෝටි පහක්‌ දෙන බවට ප්‍රකාශයට පත් කළේය. මේ හැර ගුවන් නියමු සංවිධානය විසින් ඩොලර් මිලියන 2 ක්‌ ප්‍රදානය කරන බවද කියා සිටියේය. 2009 දෙසැම්බර් මාසයේදී ඇµaගනිස්‌තානයේ සිටි ඇමරිකානු හමුදා නායකයා වූ ජෙනරාල් ස්‌ටැන්ලි මාන්ස්‌ ක්‍රිස්‌ටල් පැවසුවේ ඔබාමා බින් ලාඩන් අල්ලා ගන්නා තුරු හා මරා දමන තුරු අල්කයිදා සංවිධානය පරාජය කළ නොහැකි බවයි. ඔසාමා බින් ලාඩන් සම්බන්ධයෙන් 2002 ඔක්‌තෝබර් මාසයේදී ඇµaගනිස්‌තානයේ ජනාධිපති හමීඩ් අබ්දුල් කරාසි පැවසුවේ බින් ලාඩන් මියගොස්‌ ඇති බව තමා විශ්වාස නොකරන බවයි. 2006 සැප්තැම්බර් 23 වැනිදා ප්‍රංශ රිපබ්ලිකන් පුවත්පත බින් ලාඩන් මියගිය බවට පුවතක්‌ පළ කරනු ලැබීය. 2007 නොවැම්බර් මස පකිස්‌තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ පැවසුවේ අල්කයිඩා දෙවැනියා වූ ඕමාර් ෂික්‌ විසින් බින් ලාඩන් මරා දැමූ බවයි. 2009 මැයි මස ඇමරිකානු බොස්‌ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ජලෝ කොඩේවිලා ද ප්‍රකාශයක්‌ කරමින් බින් ලාඩන් මියගොස්‌ ඇතැයි පළ කර ඇත.

පකිස්‌තානයේ ජනාධිපති අසීස්‌ අල් සර්දාරි ද බින් ලාඩන් මියගොස්‌ ඇතැයි සඳහන් කරනු ලැබීය. එහෙත් 2010 ජනවාරි 15 වැනිදා ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් බින් ලාඩන්ගේ ඡායාරූප රැසක්‌ ප්‍රකාශයට පත් කෙරිණි. 2010 ඔක්‌තෝබර් 10 වැනිදා නේටෝ සංවිධානයේ නිලධාරියකු පැවසුවේ බින් ලාඩන් පකිස්‌තානයේ සුපිරි නිවසක ජීවත්වන බවයි. 2011 මැයි 1 වැනිදා ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශයක්‌ කරමින් පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නගරයේ සිදු කළ රහස්‌ මෙහෙයුමකදී බින් ලාඩන් මියගිය බව හෙළි කර ඇත. බින් ලාඩන්ගේ මියගිය සොහොයුරියකගේ ලේ පටල හා බින් ලාඩන්ගේ සිරුරේ ලේ පටල විමර්ශනයට ලක්‌ කිරීමෙන් මේ බව සනාථ වී තිබේ.

ඔසාමා බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දැක්‌වූ පකිස්‌තාන් බුද්ධි සේවා නිලධාරියකු පැවසුවේ අතිශයින්ම රහසිගත මෙහෙයුමක්‌ යටතේ මේ ප්‍රහාරය දියත් වූයේ සතියකට පෙර බවයි.

අල්ඛයිඩා නායකයා ඝාතනය වීම ගැන ත්‍රස්‌ත ප්‍රහාරයට ලක්‌වූ අයගේ ඥතීහු ප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා විය.

ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය විනාශ කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම හා ඔවුන් මරා දැමීමට ඔබාමා නියෝග කිරීම ගැන බෑන් කී මූන් විද්වත් මණ්‌ඩලයක්‌ පත් කරන්නේද?

ඇමරිකාව මෙහිදී ක්‍රියා කළේ ත්‍රස්‌තවාදියකු විනාශ කළ යුතුයි. එA සඳහා අපට හිමිකමක්‌ ඇති බව මුළු ලොවටම පෙන්නුම් කිරීමයි. ඔසාමා බින් ලාඩන් යනු ඇමරිකානු නිෂ්පාදනයකි. ඵ් Made in U.S.A. ඔහු ඝාතනයවීම ගැන ඇමරිකානු වැසියන් සතුට පළ කරන අතර අන්තවාදී මුස්‌ලිම් සංවිධාන මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත.

ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට පමණක්‌ නොව යේමනය, සුඩානය, කෙන්යාවේ නයිරෝබි යන නගර වෙත ද අල්ඛයිඩා නායකයාගේ බලය ව්‍යාප්ත වී තිබිණි. 1998 අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල දෙකකට ද ප්‍රහාරයක්‌ එල්ල විය. 2000 වසරේ යේමන වරායට පැමිණි කෝල් නමැති ඇමරිකානු ඩිස්‌ට්‍රොaයර් යුද නෞකාව පුපුරුවා හැරීම දියත්වූ මෙහෙයුමේදී නැවියන් 17 ක්‌ මරුමුවට පත්විය. "අපි ඔහු විනාශ කළෙමු" යෑයි ඇමරිකානු මාධ්‍යයන් ද සතුට පළ කරමින් බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දක්‌වා ඇත.

ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ට එරෙහිව ක්‍රියා කළේ ජාත්‍යන්තර යුද ප්‍රමිතීන් මත නොවේ යෑයි බටහිර රටවල් විසින් පවසා තිබිණි.

එසේ නම් බින් ලාඩන් ඇතුළු පවුලේ පිරිස ඝාතනය වූයේ ජාත්‍යන්තර ප්‍රමිති මතද? ඔසාමා සමග වෙඩි හුවමාරුවක්‌ ඇතිවූ බව ඇමරිකානු රජය පවසයි. එහෙත් ඇසින් දුටු සාක්‍ෂි තිබේද?

ත්‍රස්‌තවාදීන් විනාශ කරලීමට ඇමරිකාවට හිමිකමක්‌ ඇත්නම් එම අයිතිය ශ්‍රී ලංකාවට ද හිමිය.

කීර්ති වර්ණකුලසූරිය

සුළු අපනයන බෝග වගාවට දිරිගැන්වීම්

සුළු අපනයන බෝග වගාවට දිරිගැන්වීම්

ලසිත දුමින්ද

සුළු අපනයන බෝග වගා සඳහා ව්‍යාපෘති නිලධාරීන් දිරිගැන්වීමට සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.

සුළු අපනයන බෝග වගා පරිසරය හෙක්‌ටයාර් 3000 දක්‌වා වැඩි කිරීම සහ අපනයන ආදායම දෙගුණ කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෑම දිස්‌ත්‍රික්‌ කාර්යාලයකටම අනුබද්ධව සිටින ව්‍යාපෘති නිලධාරීන් හමුවී දැනට ඔවුන් විසින් ග්‍රාමීය මට්‌ටමින් සිදුකොට ඇති ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදුකිරීමට නියමිතය.

ඉකුත් වසරේ (2010) සුළු අපනයන බෝග ආදායම රුපියල් මිලියන 24000 ක්‌ පමණ වූ අතර, ලබන වසරේ එම ආදායම දෙගුණ කිරීමට අමාත්‍යංශය අපේක්‍ෂා කරයි.

අපනයනය කරනු ලබන බෝග අතර කුරුඳු, ගම්මිරිස්‌, කරාබු නැටි ප්‍රධාන ස්‌ථානයක්‌ ගනී. මීට අමතරව කහ සහ ඉඟුරු වගාව සඳහා විශේෂ අවධානයක්‌ යොමු කරන බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙයි.


Saturday, April 30, 2011

රබින්ද්‍රනාත් තාගූර්

රිචර්ඩ් ලයනල් ස්‌පිටල් හෙවත් වැදි මිතුරා

රිචර්ඩ් ලයනල් ස්‌පිටල්
හෙවත් වැදි මිතුරා



අපේ රටේ ආදිවාසීන් පිළිබඳ කතාකරන ඕනෑම අයෙක්‌ රිචර්ඩ් ලයනල් ස්‌පිටල් ගැනද කතා කළ යුතුමය. මක්‌නිසාද යත් ඔහුතරම් ආදිවාසීන් ගැන වෙහෙසුන වෙනත් පිටරැටියෙක්‌ අපේ රටේ නොසිටි නිසාය. පිටරැටියන් අපේ රටට ආක්‍රමණිකයන් ලෙස කඩා වැදුනත් ඔවුන්ගෙන් සම්භවය ලැබූ අපේ රටේ ජීවත්වූ බොහෝ පිරිස්‌ අපේ රටට කළ සේවය අප විසින් අමතක නොකළ යුතුය. වෛද්‍ය ස්‌පිටල් ද එසේ අමතක නොකළ යුතු පුද්ගලයෙකි.

වර්ෂ 1760 දී පමණ ලංකාවට ආ අප කවුරුත් හොඳින් දන්නා ආර්. එල්. ස්‌පිටල් තම ළමාවිය ගත කළේ සිය පියා සමගය. පියාද වෛද්‍යවරයෙකි. තංගල්ලේ, පුත්තලමේ හා කුරුණෑගල සේවය කළ සිය පියා සමඟ දුරබැහැර සංචාරයේ යෙදීමටද ස්‌පිටල්ට අවකාශ ලැබිණි. ඒ සිය පියා සමගය. ස්‌පිටල් රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වෛද්‍ය වෘත්තියම තෝරාගත් අතර පසු කලෙක උසස්‌ අධ්‍යාපනය පිණිස ලන්ඩන් බලා ගියේය. එහිදී උසස්‌ ලෙස වෛද්‍ය විභාගය සමත් වූ ස්‌පිටල් කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවයට බැඳුනි. ඔහුට නිවාඩු ලද හැමවිටම ඔහු ගියේ ගණ කැලෑ සහිත ප්‍රදේශවල සංචාර සඳහාය. මේ ගමන්වලදී වැදි ජනතාව හෙවත් ආදිවාසීන් හමුවීමට ඔහු විශේෂ උනන්දුවක්‌ දැක්‌වීය. තමන් මේ විනෝද සංචාර යනවිට ඊට සෑහෙන සේවක පිරිසක්‌ද කැටුව යැම සිරිතක්‌ කරගත් ස්‌පිටල් නැගෙනහිර පළාතේ වැදි ජනයා වසන මහඔය, නුවරගල, නිල්ලඹ ආදී ප්‍රදේශවල නිතර සංචාරයේ යෙදුනි.

ඔහු රචනාකර ඇති ග්‍රන්ථයන්හි· වැදි ජීවිත රටාව පිළිබඳ පූර්ණ නිරීක්‌ෂණයක්‌ සහිතව කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඔහු එම වැදිගම්මානවල ජීවත්වූ බව කියෑවේ. එසේම එම වැදි ජනතාව ස්‌පිටල් දොස්‌තර මහතාට මහත් සේ ගෞරවාදරය කළ බවද පෙනේ. ඔහුගේ කෘතියක්‌ වන ඉතා ප්‍රසිද්ධ "Savage Sanctuary" නම් ප්‍රබන්ධය වැද්දන් පිළිබඳ ඉතා හොඳ නිර්මාණාත්මක රචනාවක්‌ බව කිව යුතුය. මේ සඳහා ඔහුට විස්‌තර සපයා ඇත්තේ වැදිජනතාව විසින්ම බවත්· කියෑවෙන අතර, ඔහු වැදි ජනතාව අතරට ගිය විට ඔවුන් සමඟ ජීවත් වෙමින් ඔවුන්ගේ ලෙඩට දුකට පිහිට වෙමින් කටයුතු කරයි. මීට වැදි ජනතාව බොහෝ කැමතිය.

ආර්. එල්. ස්‌පිටල් මහතා සමාජ අත්දැකීම් හා ජීවන රටා ආදියත් අපේ රටේ පරිසරයත් විද්‍යාත්මකව නිරීක්‌ෂණය කරමින් ලියන ලද උසස්‌ම කෘතියක්‌ ලෙස "Wild White Boy" හැඳින්විය හැකිය. මෙහි කතාව දිගහැරෙන්නේ දෙවන රාජසිංහ රජුගේ පාලන කාලය හරහාය. ඉතා රසවත් ලෙසින් සිද්ධි ගලපා කියවන්නා තුළ කුතුහලය ඇතිවන පරිදි මෙය රචනා කර ඇත. පසු කලෙක "සුදු වැද්දා" නමින් සිංහලයට පෙරලුනේ ඒ රසවත් නවකතාවයි. මෙම රචනාවලදී ස්‌පිටල් ඒ සඳහා මිඩංගුවූ චරිතවලට දමන ලද්දේද වැදි නම් සහ ගම්ය. කතාව රසගැන්වීම සඳහා ඔවුන්ගේ මගුල්තුලා ආදිය ගැනත් කෑම බීම ගැනත් දඩමං ගැනත් ගොවිතැන් ආදී කටයුතු ගැනත් විස්‌තර ඉදිරිපත් කරයි. මේ සියල්ල සිදු කරන්නේ ආවාට ගියාට නොව ඉතාමත් කටුක ලෙස අත්දැකීම් ලබා ඒ ඔස්‌සේ යමින්ය. වරක්‌ මේ කැලෑගමන් නිසා ඉතාමත් දරුණු ලෙස මැලේරියාව වැළඳුන ස්‌පිටල් එයින් මහා දුකක්‌ වින්ද බවද ප්‍රකාශ කර ඇත. ඒ කොතරම් බාධක පැමිණියත් වැදි ජනතාව සමග ඇති තම සම්බන්ධය කිසිවිටකත් ඔහු දුරස්‌ කිරීමට හේතුවක්‌ නොවීය.

ආර්. එල්. ස්‌පිටල් මහතා වැදිජනතාව සුවපත් කිරීම සඳහා මහා වෙහෙසකර කටයුතුවල නියෑලුනි. එසේම සමහර අවස්‌ථාවල මහවැලි ගඟදිගේ ඔරු පදිමින් හැතැප්ම ගණන් මඟ ගෙව්වේ. ඔහු තුළ ආදිවාසීන් කෙරේ තිබූ අකලංක කාරුණික හැඟීම් නිසාය. මේ ගිය ගමන්වලදී ඔවුන් සමඟ එකට සිටි ස්‌පිටල් මහතා ඔවුන්ගේ අල බතල තම කුසගිනි නිවීම සඳහා යොදා ගත්තේය. ඔවුන්ද සිදාදියෙන් එන තම හිතවත්, මහ හූරාට ඉතාමත් ආදරණීය ලෙස සැලකුවෝය. මේ බැඳීම ඉතාමත් ශක්‌තිමත් වූ අතර සමහර වැද්දන් ස්‌පිටල් මහතා සොයා කොළඹට පවා ආවේය. ඒ ඔවුන් තුළ තිබූ නොබිඳෙන බැඳීමයි.

ස්‌පිටල් මහතා 1924 දී පමණ ප්‍රකාශයට පත්කළ "Wild Ceylon" නම් කෘතිය මහත්සේ ජනාදරයට පත්වූයේ එහි ඇති අව්‍යාජ ගුණය නිසාවෙනි. මේ පොතින් සංචාර, වැද්දන් පිළිබඳ විස්‌තර ගොවිතැන් කටයුතු ආදිය පිළිබඳ විවරණය වී ඇත. ශල්‍ය වෛද්‍යවරයකු මෙතරම් සාහිත්‍යකරණයට ලොල් වූයේ කෙසේදැයි? යන්න ප්‍රශ්නයක්‌ මුත් ඔහු තුළ තිබූ නිර්මාණශීලී ගුණය ඒ හැමෙකක්‌ අබිබවා ගිය බව කිවයුතුය. ස්‌පිටල් මහතා කවි රචනයෙහිද දක්‌ෂයෙකි. ඔහු රචනාකොට පළ කරන ලද "leaves ot the jangle" නම් කෘතිය ඊට හොඳම නිදසුනයි.

සමාජ සේවයටද කැපවූ ස්‌පිටල් මහතා වනය ගැන, වනගත ජීවිත ගැන, හා වැද්දන් ගැන දේශනද පැවැත්වීය. කොළඹ නගර සභාව සම්බන්ධ කරගනිමින් පවත්වන ලද සමහර දේශන සඳහා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාද සහභාගි වූ බව කියෑවේ. මේ සාමූහික එකතුව නිසා ලංකාවේ තුරුලතා හා වන සත්ව ආරක්‌ෂක පනත සකස්‌ වූ බවට තොරතුරු හෙළිවේ. අද අප නරඹන "විල්පත්තු ජාතික වනෝද්‍යානය" බිහිවූයේද ස්‌පිටල් මහතාගේ වෑයමක ප්‍රතිඵලයක්‌ ලෙසින් බව කියෑවේ. මේ වනාන්තර හා සම්බන්ධ වූ වැඩසටහන් නිසා වනසත්ව දෙපාර්තමේන්තුවක්‌ද අපේ රට තුළ බිහිවිනි. වනයත් වනයේ ඇති සෞන්දර්යයත් මනාසේ එකතු කොට අලංකාරමය රචනා බිහිකළ ස්‌පිටල් මහතා අපේ රටේ සංස්‌කෘතියට මෙන්ම සාහිත්‍යයටද කළේ ඉමහත් සේවයකි. පිටරැටියකු වුවත් තමා වාසය කළ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ ගෙනදුන් මේ ශල්‍ය වෛද්‍යවරයා අපේ රටේ "ක්‍ෂාක්‌ෂරතාව වෙනුවෙන්" කළ සේවය අමරණීයය. අදත් අපට අපේ පාසල් සිසුන්ට ගේමිරා, කළුකුමී, පොරමලා, හඳුනා, රන්දුනා, ගෝඹී වැනි නම් මතකයේ ර¹ ඇත්තේ ස්‌පිටල් මහතාගේ රචනා ශෛලියේ ඇති සිත්ගන්නා සුළු බව නිසාය. වැද්දන් ජීවිතයට දැක නැති අයෙකුට වුවද ආර්. එල්. ස්‌පිටල් මහතාගේ පොතක්‌ කියවූ සැනින් ඔවුන් පිළිබඳ සිතේ රූ ඇඳෙන්නේ කතා විලාශයේ ඇති චමත්කාරය නිසාය. අදත් වැදිපත්තුවේ ජනතාවට ස්‌පිටල් මහතාගේ රූප කාය හොඳින් මතක ඇත. ඒ පරපුරේ මුනුබුරු මිනිබිරියෝද රූපය වශයෙන් ස්‌පිටල් මහතා දැක නැතත් අසා දැනගත් රූපකාය මගින් ස්‌පිටල් මහතා නිර්මාණය කරගනිති.


ධර්මරත්න තෙන්නකෝන්

දෙවියන් මිනිස්‌ ලෝකයේ කරන මැදිහත්වීම්





දෙවියන් මිනිස්‌ ලෝකයේ කරන මැදිහත්වීම්

දෙවියන් හා භූතයන් ගැන කීමට තවත් බොහෝ දේ ඇති නමුත් මෙහි දී ප්‍රධාන වශයෙන් ම ඔවුන් ගැන කියෑවෙන්නේ අප දැනුම ලබාගන්නා එක්‌ මානයක්‌ ලෙස ඔවුන් වැදගත් වන බැවිනි. මට දැනගන්නට ලැබුණු තවත් තොරතුරු අනුව එක්‌වර භුතයන් කිහිප දෙනකුට වුව ද මිනිසකුට ආරූඪ වීමට හැකි ය. එක්‌ භූතයකු එක්‌ අවයවයකට ද තවත් භුතයකු තවත් අවයවයකට ද ආදී වශයෙන් එහි දී ආරූඪ වීම සිදු වෙයි. භුතයන් ගෙන් ද අපට දැනුම ලබාගත හැකි ය. එහෙත් ඇතැම් විට මේ දැනුම් වැරැදි විය හැකි බව ද තේරුම් ගත යුතු ය.

ඇතැම් භුතයෝ හිතා මතා ම අප නොමඟ යවති. එනේ ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ද අපට වැරැදි තොරතුරු ලබා දෙති. එසේත් නැත හොත් ඔවුහු තමන් ගේ අධර්මයට සරිලන අන්දමට ඒ සමඟ එකඟ වන දැනුම් අපට ලබා දෙති. මේ සියලු දැනුම් සම්බන්ධයෙන් අපට එක්‌ පරීක්‍ෂණයක්‌ යොදාගත හැකි ය. ඔවුන් අපට ලබා දෙන දැනුම අවසානයේ දී නිවන් දැකීම සමඟ, තණ්‌හාව තුනී කිරීම සමඟ, මමත්වය, අහංකාරය තුනී කිරීම ආදිය සමඟ කෙතරම් දුරට එකඟ වන්නේ ද යන්න ඒ පරීක්‍ෂණයේ දී අප ඇසිය යුතු මූලික ප්‍රශ්නයක්‌ වෙයි. අඩු ම තරමින් ඒ සමඟ එකඟ වීම කෙසේ වෙතත් එයට විරුද්ධ ව නො යන බවට අපට සහතිකයක්‌ තිබිය යුතු ය.

අපේ දැනුම අප පමණක්‌ නො ව වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන් ද එකතු කරගෙන ගොඩනඟන්නකි. මෙය සිංහල බෞද්ධ සංස්‌කෘතියට පමණක්‌ නො ව වෙනත් සංස්‌කෘතීන්ට ද පොදු වූවකි. පහළොස්‌වැනි සියවසේ අගභාගයේ පමණ සිට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් ගේ බලවත් වීමක්‌ සිදු වී ඇත. ඔවුන් ගේ ද ආධාරයෙන් බටහිර රටවල ගොඩ නැඟුණු දැනුම හේතුවෙන් අද ලෝකය (ස්‌වභාවධර්මය) සූරාකෑමට ලක්‌ වී ඇත. මේ සූරා කෑම සිදු වන්නේ ලෝකපාළුවන් ගේ ආධාරයෙනි. බටහිරයෝ ලෝකපාළුවෝ වෙති. ඔවුහු අද ලෝකය පාලනය කරති. ඔවුනට පසුගිය අවුරුදු පන් සියයකට අධික කාලයක්‌ තිස්‌සේ මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ගේ හා භූතයන් ගේ ආධාරය ලැබී ඇත.

අද බටහිර ලෝකය විසින් නිර්මාණය කෙරෙන දැනුම කිසිසේත් ම නිවන් අවබෝධ කිරීමට තුඩු නො දෙන්නක්‌ බව පඬියන්ට හැරෙන්නට අනෙක්‌ අයට අවබෝධ වන කරුණකි. එය නිවන් අවබෝධය සඳහා නො ව නිවනෙන් ඈත් කිරීම සඳහා වූවකි. ඉන්ද්‍රිය පිනවීම, මමත්වය වර්ධනය කිරීම, සාමූහිකත්වයෙන් ඈත් කිරීම, වියුක්‌තය හා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය ඉතා ඉහළින් සැලකීම ආදිය බටහිර දැනුමේ පදනමේ ම වෙයි. ඒ අතර මිනිසා ස්‌වභාවධර්මය ගසා කෑම ද වෙයි. ස්‌වභාවධර්මය ගසා කෑම මත පදනම් වූ දැනුමක්‌ පරිසරය රැකීම සඳහා උපයෝගී කරගත නො හැකි බව බටහිර උගතුන්ට තේරුම් ගත නො හැකි ය. ඒ බව මෙරට සිටින පඬියන්ට නම් කිසිසේත් ම තේරුම්ගත නො හැකි ය.

පරිසරය රැකීම, පරිසර සංරක්‍ෂණය, කළමනාකරණය ආදිය බටහිරයන් තනා ඇති ව්‍යාජ වචන පමණකි. මමත්වය ඉස්‌මතු කරන, හැකිතාක්‌ ඉන්ද්‍රිය පිනවීමට මිනිසුන් පොලඹවන සංස්‌කෘතියක, පරිසරය රැකීම යන්න ද තවත් ආදායම් මාර්ගයක්‌ නිර්මාණය කිරීම වැළැක්‌විය නො හැකි ය. අද පරිසරය රැකීම හා අදාළ මාතෘකා ගැන ලියෑවෙන ලිපි නො ලියන්නේ නම් ඒ සඳහා කඩදාසි තැනීමට කපන ගස්‌ කිහිපයක්‌ වත් රැකෙනු ඇත. පරිසර සම්මේලන පැවැත්වීම ඊනියා විද්‍යාඥයන්ට පමණක්‌ නො ව තරු තුනේ හතරේ හෝටල්වලට ද ආදායම් මාර්ගයක්‌ වී ඇත. මෙරට සිටින කසිකබල් බටහිර විද්‍යාඥයන් පරිසර වැඩමුළු ආදිය පැවැත්වීමෙන් වැඩක්‌ සිදු වී ඇත්තේ පරිසරයට ද නැත්නම් ඔවුන් ගේ බැංකු ගිණුම්වලට ද යන්න අමුතුවෙන් සොයා බැලිය යුතු කරුණක්‌ නො වේ.

මට දෙවියන් හෝ භූතයන් හෝ ගැන සෘජු අත්දැකීමක්‌ නැත. මා දෙවියන් ගෙන් දැනුම ලබාගෙන ඇත. එහෙත් ඒ වක්‍ර ව වෙනත් අය ගේ මාර්ගයෙනි. මට අදෘශ්‍යමාන දෙවියන් විශ්වාස කිරීම කිසි ම ගැටලුවක්‌ නැත. එයට හේතුව කිහිප දෙනකු ම දෙවියන් දැක තිබීම පමණක්‌ නො ව දෙවියන් ගේ ආධාරයෙන් රෝග විනිශ්චය කර සාර්ථක ප්‍රතිකාර ද නියම කර තිබීම ය. කෙසේ වුවත් මෙරට පඬියන්ට හුදෙක්‌ සම්මුතියක්‌ පමණක්‌ වූ ද ඉන්ද්‍රිය ගෝචර නො වූ සංකල්පයක්‌ වූ ගුරුත්වාකර්ෂණ බලය පිළිගත හැක්‌කේ කෙසේ ද යන ප්‍රශ්නය නම් මට ඇත. ගුරුත්වාකර්ෂණය කිසිවෙකුගේ වත් සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නො වේ. එය දුටු කෙනකු නැත. අල්ලා බැලූ අයකු නැත. එයට සවන් දුන් අයකු, එහි රස දැනගත් අයකු, එහි ගඳ සුවඳ ද දන්නා අයකු නැත. එය නිව්ටන් විද්වතා නිර්මාණය කළ හුදු වියුක්‌ත සංකල්පයක්‌ පමණකි. එහෙත් ඇතැමුන්ට දෙවියන් යනු ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ එවැන්නන් ගේ මනසට යෑයි සිතමි. ඔවුන් දෙවියන් දකින්නේ මසැසින් නො වන බව පැහැදිලි ය. ඒ සඳහා පෙර භවවල දියුණු කරන ලද පාරමී ශක්‌තීන් හා කුසල ශක්‌තීන් අවශ්‍ය වෙයි. එසේත් නැත හොත් මේ භවයේ භාවනා කර ආධ්‍යාත්මික ශක්‌තිය දියුණු කරගත යුතු වෙයි. වත්මන් බටහිරයන්ට මේ ශක්‌තිය කෙතරම් දුරට ඇත් දැයි නො දනිමි. ඇතැම් විට ඔවුන්ට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් ගෙන් දැනුම ලැබෙනවා විය හැකි ය. එහෙත් ඔවුන් සමාජයේ ඇති පොදු මතයට බියෙන් ඒ බව ප්‍රසිද්ධියේ නො කියනවා විය හැකි ය.

ඒ කෙසේ වෙතත් ඇතැම් පැරැණි යුදෙව්වන්ට ඒ ශක්‌තිය තිබුණු බව බයිබලයෙන් පැහැදිලි වෙයි. විවිධ අනාගත වක්‌තෘන් වහන්සේලා පමණක්‌ නො ව යුදෙව් වර්ගයාගේ ආදිතමයන් ලෙස සැලකෙන ඒබ්‍රහම් ආදීහු දෙවියන් සමඟ සංවාදයෙහි යෙදී ඇති බව පරණ තෙස්‌තමේන්තුවෙන් හෙළි වෙයි. එම පැරැණි යුදෙව්වන්ට කතා කළ ඔවුන් සමඟ සංවාදයෙහි යෙදුණු ප්‍රධාන දෙවියන් වී ඇත්තේ යෙහෝවා දෙවියන් බව පරණ තෙස්‌තමේන්තුවෙන් පැහැදිලි වෙයි. යුදෙව්වන් මේ යෙහෝවා දෙවියන් තමන් ගේ ගෝත්‍රයෙහි දෙවියන් ලෙස පිළිගෙන ඇත. එපමණක්‌ නො ව ඔවුහු එම දෙවියන් ලෝකය නිර්මාණය කළ දෙවියන් ලෙස ද සලකා ඇත.

බැප්ටිස්‌ට්‌ නමින් හැඳින්වෙන අනාගත වක්‌තෘවරයා දක්‌වා ම විවිධ යුදෙව්වන් මේ යෙහෝවා දෙවියන් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව පරණ තෙස්‌තමේන්තුවට අනුව අපට නිගමනය කළ හැකි ය. නොවා ඉන් එක්‌ වක්‌තෘන් කෙනෙකි. එසේ ම මේ අනාගත වක්‌තෘත් යෙහෝවා දෙවියන් ගෙන් ලත් දැනුම, විශේෂයෙන් ම අනාගතය පිළිබඳ දැනුම, අනෙක්‌ යුදෙව්වන්ට ප්‍රකාශ කර ඇත. නොවා නුදුරේ සිදු වන මහා ජල ගැලීමක්‌ ගැන සඳහන් කර එයින් ගැලවීමට සූදානම් වී ඇත. ඔහු ඇතුළු අනෙක්‌ අය අනාගත වක්‌තෘන් එසේත් නැත්නම් දිවැසිවරුන් ලෙස පිළිගැනීමට හේතු වී ඇත්තේත් ඔවුන්ට දෙවියන් ගේ ආධාරයෙන් අනාගතය කීමට යම් හැකියාවක්‌ තිබීම බව පැහැදිලි ය. මුස්‌ලිම් සම්ප්‍රදාය අනුවත් ඔවුහු අනාගත වක්‌තෘන් ලෙස පිළිගැනෙති. එපමණක්‌ නො ව ක්‍රිස්‌තුස්‌ වහන්සේ ද මුස්‌ලිම් සම්ප්‍රදායෙහි තවත් අනාගත වක්‌තෘන් කෙනකු පමණ ය.

මා දැන් තේරුම් ගන්නා ආකාරයට යුදෙව්වකු වූ ක්‍රිස්‌තුස්‌ වහන්සේ අනෙක්‌ යුදෙව් අනාගත වක්‌තෘන් ගෙන් වෙනස්‌ වන්නේ යුදෙව්වන්ට පමණක්‌ සීමා වී තිබූ යෙහෝවා දෙවියන් වහන්සේ අනෙක්‌ ජන වර්ගවල ද දෙවියන් වහන්සේ බවට පත් කිරීමට ගත් උත්සාහය හේතු කොටගෙන ය. එයට කලින් ද යුදෙව්වන් අනෙක්‌ දෙවිවරුන් ගේ පිළිම විනාශ කිරීමට කටයුතු කර ඇත. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගෙන් පසුව යෙහෝවා දෙවියන් ලෝකයේ එක ම දෙවියන් වහන්සේ බවට පත් කිරීමට දැඩි උත්සාහයක්‌ ගනු ලැබිණි. එසේ පත් කිරීම ක්‍රිස්‌තුස්‌ වහන්සේට යෙහෝවා දෙවියන් නියම කර තිබූ කාර්යය යෑයි සිතිය හැකි ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ ස්‌වර්ගයේ (යම් දිව්‍ය ලෝකයක) සිට මිනිස්‌ ලොවට යෙහෝවා දෙවියන් විසින් එවනු ලැබූ තවත් දෙවියකු විය හැකි ය. එසේත් නැත්නම් යෙහෝවා දෙවියන් ම මිනිස්‌ ලෝකයට පැමිණියා විය හැකි ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ තමන් දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා බවත් තමන් දෙවියන් වහන්සේ බවත් යුදෙව්වන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් මිනිස්‌ ලොව උපත ලැබූ යෙහෝවා දෙවියන් නිසා යෑයි අපට සිතාගත හැකි ය.

අපට වඩාත් ඒත්තු යන කතාව (මේ සියල්ල ම එක්‌ අතකින් කතන්දර වේ) නම් යෙහෝවා නම් දෙවි කෙනකු යුදෙව් ජනවර්ගයේ දෙවියන් ලෙස සිට ඇති බවත් ඒ දෙවියන් ඇතැම් යුදෙව්වවන් සමඟ දිගින් දිගට සම්බන්ධකම් පවත්වා ඇති බවත් ඒ දෙවියන් ගේ මාර්ගයෙන් යුදෙව්වන්ට ඇතැම් දැනුමක්‌ ලැබී ඇති බවත් දැනට අවුරුදු දෙ දහසකට පමණ පෙර යම් හේතුවක්‌ නිසා යෙහෝවා දෙවියන් බලවත් වී ඇති බවත් එතුමා තම ආධිපත්‍යය අනෙක්‌ ජනවර්ග සහිත මුළු ලෝකයට ම පැතිරවීම සඳහා මිනිස්‌ වෙසක්‌ ගෙන ක්‍රිස්‌තුස්‌ වහන්සේ නමින් මරියතුමිය ගේ කුසින් ලොවට බිහි වී ඇති බවත් ය. මා මෙලෙස පවසන්නේ විවිධ හේතු නිසා දෙව් ලොවින් චුත ව මිනිස්‌ වෙස්‌ගෙන ලංකාවේ උත්පත්තිය ලැබූ අය ගැන අප අසා ඇති නිසාත් බව අවධාරණය කළ යුතු ය.

මෙහි දී තවත් කරුණක්‌ සඳහන් කළ යුතු ව ඇත. බොහෝ විට දේව මණ්‌ඩල ඒ ඒ මණ්‌ඩලයේ ප්‍රධාන දෙවියන් නමින් නම් කෙරෙයි. එහෙත් ඒ ප්‍රධාන දෙවියන් කාලයෙන් කාලයට වෙනස්‌ වෙයි. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් නාථ දේව මණ්‌ඩලයේ ප්‍රධානියා නාථ දෙවියන් වන අතර ඒ පදවිය කාලයෙන් කාලයට විවිධ දෙවියන්ට අයත් වෙයි. කා හට අයත් වුව ද තමන් ප්‍රධානත්වය දරන කාලයෙහි ඒ දෙවියෝ මණ්‌ඩලයේ නාමයෙන් හැඳින්වෙති. අප දන්නා ආකාරයට නාථ දෙවියන් ලෙස දැනට කටයුතු කරන දෙවියන් එම ධුරයෙහි, එනම් නාථ දේව මණ්‌ඩලයෙහි ප්‍රධාන ධුරයෙහි කටයුතු කිරීමට පටන් ගෙන දැනට වසර කිහිපයකි.

බොහෝ විට යෙහෝවා දේව මණ්‌ඩලයෙහි ප්‍රධානියා බවට දැනට වසර දෙ දහසකට පමණ පෙර බලවත් මිථ්‍යාදෘෂ්ටික දෙවි කෙනකු පත් වන්නට ඇත. එසේත් නැත්නම් එවකට ප්‍රධානත්වය දැරූ අය බලවත් වන්නට ඇත. ඒ කෙසේ වෙතත් එතුමා යුදෙව්වන් පමණක්‌ තමන්ට අවනත ජනවර්ගය වීමෙන් සෑහීමට පත් නො වී සියලු ලෝ වැස්‌සන් බැරි නම් ඉතා වැඩි පිරිසක්‌ තම ග්‍රහණයට ගැනීම සඳහා යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ නමින් මිනිස්‌ වෙසක්‌ ගෙන මරියතුමිය ගේ කුසින් බිහි වන්නට ඇත. එසේ බිහි වීමෙන් අවුරුදු තිහකට පමණ පසු එතුමා තම ව්‍යාපාරය දියත් කර ඇති බව පෙනෙයි. ඉතා ම සාම්ප්‍රදායානුකූල ජනවර්ගයක්‌ වූ යුදෙව්වවන් ක්‍රිස්‌තුස්‌ වහන්සේට අකැමැති වීම පුදුමයක්‌ නො වේ. ඔවුහු රෝම පාලකයන් සමඟ එකතු වී ක්‍රිස්‌තුස්‌ වහන්සේ මරා දැමූ හ.

එහෙත් මිය ගිය ක්‍රිස්‌තුස්‌ වහන්සේ නැවත යෙහෝවා දේව මණ්‌ඩලයේ ප්‍රධානියා ලෙස ඉපිද මිනිසුන් ලවා නව ඉගැන්වීම පැතිරවීමට ක්‍රියා කරන්නට ඇතැයි සිතිය හැකි ය. ක්‍රිස්‌තු භක්‌තිකයන් ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගේ උත්ථාපනය ලෙස දකින්නේ මේ සිද්ධිය විය හැකි ය. පසු කලෙක කොන්ස්‌තන්තයින් රජු මගින් ද පසුව වෙනත් රජවරුන් හා පාප් වහන්සේලා මගින් ද යෙහෝවා දෙවියන් මිනිසුන් ගෙන් ඉතා වැඩි ප්‍රමාණයක්‌ තමන් ගේ ග්‍රහණයට ගැනීමට සමත් වී ඇති බව පැහැදිලි ය. එහෙත් පසුව පාප් වහන්සේලා තම කාර්යය නිසි ලෙස ඉටු නො කරන බව දුටු යෙහෝවා දෙවියන් ලූතර් කැල්වින් ආදීන් මගින් වෙනත් ක්‍රිස්‌තියානි නිකායන් බිහි කර ලෝක ආධිපත්‍යය තමන් වෙතට ගෙන ඇති බව පෙනී යයි. මෙයින් අදහස්‌ කරන්නේ සියල්ල දෙවියන් අතින් සිදු වන බව නො වේ. එහෙත් අප සිතනවාට වඩා මිනිස්‌ ලෝකයෙහි කටයුතුවලට දෙවියෝ මැදිහත් වෙති. පැරැණි වෛදික හා ගී්‍රක සාහිත්‍යවල මෙවැනි මැදිහත්වීම් ගැන සඳහන් වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා


(මීවිත උපුටාගැනීමකි) කෙන්යාවේ මසෙයමාරා අභය භුමිය

චිත්‍රපට බලමු (මීවිත උපුටාගැනීමකි)

Friday, April 29, 2011

ගාම්භීර්ගේ නයිට්‌ රයිඩර්ස්

ගාම්භීර්ගේ නයිට්‌ රයිඩර්ස්‌
අයි.පී.එල්. දෙවැනි තැනට එයි

පළමුව පන්දුවට පහරදුන් කල්කටා කණ්‌ඩායම ලබාගත් ලකුණු 148 ට පිළිතුරු ලෙස දිල්ලි ඩෙයාඩෙවිල්ස්‌ කණ්‌ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 131 ක්‌ පමණි. ඒ අනුව ලකුණු 17 ක ජයක්‌ ලැබූ කල්කටා කණ්‌ඩායම තරගාවලියේ වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණයද මෙය වේ.


ගාම්භීර්ගේ නයිට්‌ රයිඩර්ස්

ගාම්භීර්ගේ නයිට්‌ රයිඩර්ස්‌
අයි.පී.එල්. දෙවැනි තැනට එයි

පළමුව පන්දුවට පහරදුන් කල්කටා කණ්‌ඩායම ලබාගත් ලකුණු 148 ට පිළිතුරු ලෙස දිල්ලි ඩෙයාඩෙවිල්ස්‌ කණ්‌ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 131 ක්‌ පමණි. ඒ අනුව ලකුණු 17 ක ජයක්‌ ලැබූ කල්කටා කණ්‌ඩායම තරගාවලියේ වාර්තා කරන ලද සිව්වැනි ජයග්‍රහණයද මෙය වේ.


මැයි දිනයේ ආරක්‍ෂාවට පොලිසියෙන් 8000 ක්‌

මැයි දිනයේ ආරක්‍ෂාවට පොලිසියෙන් 8000 ක්‌
පොලිස්‌ නිලධාරීන්ට අමතරව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ද යොදවන බව පොලිස්‌පතිවරයා කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ප්‍රමුඛ එක්‌සත් මැයි රැලිය සහ ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය ඇතුළු මැයි රැලි 11 ක්‌ කොළඹදී පැවැත්වෙයි.

විලියම් - කේට්‌ විවාහ මංගල්‍යය


විලියම් - කේට්‌ විවාහ
මංගල්‍යය වෙස්‌ට්‌මිනිස්‌ ටර් දේවස්‌ථානයේදී
ලැබූ රාජ්‍ය නායකයන් ඇතුළු රාජකීය සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල්‍යය උත්සවය දැක බලා ගැනීමට වෙස්‌මිනිස්‌ටර් දේවස්‌ථානය අසල හා මග දෙපස දස දහස්‌ ගණන් ජනයා රැඳී සිටියහ.

Matara Central College ඔබේ පාසලද ?

Principal's Messege
Matara Central College is one of the reputed leading mixed school in Matara city. It is located in Matara district, southern part of Sri Lanka. This school was commenced on 1951 and in 1993, it was populated as central college and now it is established as a National School under category of the Ministry of Education, Sri Lanka. At present, around 3000 students are learning from grade one to twelve. The school is fully completed in all the educational facilities like Science laboratories for the students in grade 9 & 11 and for theAdvanced level students. Also Aesthetic, special education, commerce, Art, Home science, Agriculture and primary education sections are being providing grate role for the school development. The Information and Communication Technology (ICT) center and Media unit of the school have being givinga great support to up lift the students’ IT knowledge well. At present, 138 teachers are providing their service for the children and most of the teachers engage with extra curricular activities like sports, arranging abating teams, handling school perfect board.
Find us on Facebook...

As the principal of the school, I feel very much pleasure to express the opinion on this great occasion of stating the web site of Matara Central College.Read More>>


ICTA-initiated OpenOffice training opens in Matara Following the award of grants for 16 organistions for the replication of ICTA-initiated projects to

Following the award of grants for 16 organistions for the replication of ICTA-initiated projects to improve the day to day lives of people through ICT, one of the grantees is poised to open the doors of OpenOffice to Students, teachers and Nenasala operators in Matara soon.

A section of the participants at the OpenOffice Training in Matara implemented by Computerland International (Pvt.) Ltd. in partnership with the Information and Communication Technology Agency of Sri Lanka

The first step towards this was taken with the launching of the OpenOffice training at the IDM in Matara at 8.30 a.m. on June Monday 8, by Computerland International (Pvt.) Ltd. In partnership with the Information and Communication Technology Agency of Sri Lanka, Computerland International (Pvt.) Ltd., one of the 16 grant recipients under ICTA’s Replication Assistance Programme, will implement the OpenOffice training in Matara. The training which is part of ICTA’s all island-pervasive goal of converting Sri Lanka into an e-Society, as per the policy statement of the President’s Mahinda Chintanaya, will aim at popularising the OpenOffice software in the Matara district.

Under this programme, Computerland International (Pvt.) Ltd. will be conducting comprehensive training programmes including seminars and workshops for school children, teachers and Nenasala Operators. The subjects covered under the training programme will be based on the different components of OpenOffice namely, Writer, Calc, Impress, Draw, Base and Math. Under this scheme more than 500 participants will be provided hands-on training on the use of OpenOffice software. Printed guide books in Sinhala will be distributed among the participants. In addition, a sustained effort will be made to promote OpenOffice software through posters, leaflets and road shows.

OpenOffice represents the next wave of office applications, as it provides total freedom to the users to down-load, copy and use the software free of any licence fees. The user can copy and give them away to anyone. Furthermore it provides a platform for enthusiastic users to participate in and contribute to the continuing development of OpenOffice.

OpenOffice is completely compatible with other popular office packages including Microsoft Office. A document created by Microsoft Office can easily be opened by OpenOffice.org.

ICTA’s e-Society Development Initiative (eSDI) Programme Head, Chitranganie Mubarak says that the objective of this project is to create wider awareness of OpenOffice and popularise its use. “Since OpenOffice is free, it gives freedom for users to copy and distribute”, Chitranganie said. Computerland International (Pvt.) Ltd. CEO V. Ramanah, said that it was hard to believe that high quality and easy to use software like OpenOffice could really be free. “Thanks to contributions of time and money from many individuals and companies worldwide, OpenOffice is available free for use today. Furthermore, the open-source licence used by OpenOffice.org means this freedom can never be taken away”, Ramnath added.