හොදම එක
Monday, May 2, 2011
සිත සුවපත් නම් මුහුණත් ලස්‌සනයි
ඔබ ගන්නා ආහාරයෙන් පළමු කොටස සතෙකු සඳහා වෙන්කරන්න, ඔබ වෙනුවෙන් ආහාර පිළියෙළ කළ අයට, ආහාර සපයා දුන් අයට, භෝග වගා කළ අයට, ඒවා වෙළෙඳපල වෙත ගෙන ආ අයට පවා සිතින් සෙත් පතන්න. යමෙක් ඔබට ආහාරයක් හෝ යමක් පිරිනැමූ විට බොහෝම ස්‌තුතියි යෑයි මුව පුරා පවසන්න. ඔබ බෞද්ධයෙකු නම් බොහොම පිං යෑයි පවසන්න.
ආහාර පිළියෙළ කරන ගෘහණිය ඔබ නම් මෙත් සිතින්ම ආහාර පිළියෙළ කරන්න. මේ ආහාරය මාගේ පවුලේ සියළු දෙනාට දිව්‍යමය ආහාරයක් වේවා මෙයින් ඔවුන්ගේ ආයුවර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. දීර්ගායුෂ ලැබේවා වැනි මෙත් සිතිවිලි වලින් යුතුවම ආහාර පිසින්න.
ඔබ පිසූ ආහාරය පිළිගන්වන විට පවා එලෙස සිතන්න. උදෑසන තේ කෝප්පය පිළිගන්වන විට පවා ඔබට සැමියා හෝ දරුවන් වෙත මෙත් සිතිවිලිද තිළිණ කරන්න.
බස් රථයේ හෝ පෞද්ගලික වාහනයේ නැගී දෛනිකව රැකියාවට එනවිට ඔබ පසුකර යන, ඔබට හමුවන මිනිසුන්ට සෙත් පතන්න. සුවිසල් මන්දිර වල වෙසෙන මිනිසුන්ටද මහමග යදින මිනිසුන්ටද සම සිතින් මෙත් වඩන්න.
රැකියා ස්‌ථානයේ සිටින සියලු දෙනාගේ ජිවිත ආලෝකමත් වේවායි මෛත්‍රී කරන්න. ඔබගේ ජීවිතයට ලබාදෙන සහය වෙනුවෙන් රැකියා ස්‌ථානයට සෙත් පතන්න. නිලධාරින්ට හෝ හිමිකරුවන්ටද සෙත් පතන්න.
ඔබ මසන ඇඳුමෙන් එය අදින්නා වඩා රූමත් හා ප්‍රසන්න අයකු වේවා සිතන්න.
ඔබ ලියන පොත කියවා අන් අයගේ ජීවිත සුත මුදිත වේවායි පතන්න.
ඔබේ රූපලාවණ්‍ය උපදෙස් පතනවුන්ගේ පෙනුම දිනෙන් දින වැඩි දියුණු වේවායි පතන්න.
ඔබ විකුණන භාණ්‌ඩ හෝ සේවාව මිලදී ගන්නාගේ ජීවිතයට අනන්ත සුවය හා සතුට පතන්න.
ඔබ ලබාදෙන ඖෂධ හා ප්‍රතිකාර වලින් ජීවිත අනන්ත සුවපත් භාවය ලබත්වායි සිතන්න.
ඔබ කුමන තරාතිරමක
රැකියාවක් කළද ඔබේ ක්‍රියාවන් සමග මෛත්‍රීය නිසි පදමට මුසුකරන්න.
ඔබගේ හද රිදවන අපහාසාත්මක දෑ පවසන මිනිසුන්ටද, ඔබ බිම වැටෙන තුරු බලා සිටින්නන්ටද ඔබට පහර දීමට උත්සහ දරන හෝ ඔබ සතු දේ පැහැර ගැනීමට මානන මිනිසුන්ටද මෙත් වඩන්න. ද්වේශයෙන් රත් වූ මිනිසුන්ගේ සිත් මෛත්‍රීයෙන් සිසිල් වේවායි පතන්න.
ඔබ මුව තුළින් ගන්නා ආහාරය කිසිවෙකුගේ ජීවිත අයිතියක් පැහැර නොගත් එකක් වන බවට වග බලාගන්න.
ඔබ අතට ගන්නා මුදල කිසිවකුට වංචා කිරීමෙන් හෝ කිසිවෙකුට රිදවීමෙන් ගත්තක් නොවන බවට වග බලාගන්න.
ඔබේ මුවින් පිටවන වචන සිත නිවන ඒවා මිස සිත් දවන ඒවා නොවන බවට වග බලාගන්න.
මෙත්තානිසංස (මෛත්‍රීයේ අනුසස්) සූත්‍රයෙහි පවසන පරිදි ඔබගේ සිත තුළ මෛත්‍රිය වස්‌තුවක් මෙන්
රැකගන්න. බහුලව භාවිත කරන්න. බහුලව වඩන්න, යානාවක් මෙන් හුරු පුරුදු කරන්න.
මෙලෙස ජීවිතය තුළ නිතර මෛත්‍රී භාවයන් වැඩීමෙන් පහත සඳහන් ප්‍රතිලාභ එකොලහ (11) ලබාගත හැකිය
සුවසේ නිදන්නට , සුවසේ අවදිවීමට, නපුරු සිහින නොදැකීමට, අමනුෂ්‍යයින් අතර පවා ප්‍රියවීමට, දෙවියන්ගේ ආරක්‌ෂාව ලැබීමට, ගින්නෙන්, වසවිස, ආයුධවලින් හානි නොවීමට, සිතේ සන්සුන් බව ඇතිවීමට, මුහුණ පැහැපත් වීමට, සිහියෙන් අවසිහියෙන් තොරව මරණයට මුහුණ දීමට , මරණින් මතු බ්‍රහ්ම ලෝකයේ ඉපදීමට
මෛත්‍රීය එතරම්ම ප්‍රබලය, එසේ ජීවිතයේ සියලු ප්‍රශ්නවලට විසඳුම ලැබෙයි.
එනිසා මෛත්‍රී භාවනාව ජීවිතය සමග බද්ධ කරගනිමින් ජීවිතය දිනාගන්න
අනාගතයේ අපට මුහුණ දීමට සිදුවන බව පැවසෙන ලෝක විනාශයේදීද මෙය කදිම හා ප්‍රබල ආරක්‌ෂක ක්‍රමයක් වනු නියතය.
ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය විනාශ කළ ඇමරිකානු රහස් මෙහෙයුම
ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය
විනාශ කළ ඇමරිකානු රහස් මෙහෙයුම
බින් ලාඩන් සිටි සුවිසල් මැඳුර චන්ද්‍රිකා ඡායාරූපයක දිස්‌වූ අයුරු
* බින් ලාඩන්ගේ සිරුර මුහුදේ සඟවයි
* ඇමරිකානු බ්ලැක්‌හෝර්ක් ප්‍රහාරක හෙලිකොප්ටර් දෙකක සිටි විශේෂ බළකා භටයන් විසි දෙනෙක් බින් ලාඩන් මෙහෙයුම දියත් කරයි
* බින් ලාඩන් සිටියේ පකිස්‌තානයේ හමුදා ගොඩනැඟිල්ලකට යාර 100 ක් ඇතින් පිහිටි දැඩි ලෙස රැකවරණ කළ සුවිසල් මැඳුරක
* ප්‍රහාරයෙන් බින් ලාඩන්ගේ පුත්‍රයෙක්, තරුණ බිරිය, සොහොයුරා ඇතුළු පස් දෙනෙක් ඝාතනය වේ
* බින් ලාඩන් අල්ලා ගැනීම හෝ මරා දමන්නැයි මා සී.අයි.ඒaaA. ප්‍රධානි ලියොන් පැනේටාට නියෝග කළා. -
"නීතිය ඉටු කරනු ලැබුවා" - ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා
Justice has been done -Barak Obama
ඇමරිකානු ජනාධිපතිවරයා මේ නීතිය ඉටු කළ බව පැවසුවේ අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීම ගැනය. බින් ලාඩන්ව ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කළේ ඇමරිකානු ප්‍රහාරක එAකකයකි. ඝාතනය කරනු ලැබුවේ පකිස්‌තානය තුළය.
බින් ලාඩන් විනාශ කර දැමීමට පෙර යටත් වෙන ලෙස ඔබාමා පැවසුවේ නැත. සුදු කොඩි ඔසවා යටත් වන ලෙස එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ද පවසා නැත. ඇමරිකානු ප්‍රහාරක එAකකයකට ඇµaගනිස්‌තානයේ සිට පකිස්‌තානයට ගොස් බින් ලාඩන් මරා දැමීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න ඇමරිකානු හියුමන් රයිට්‌ස් වොච් හා ලුවිස් ආබර්ගේ ඉන්ටර් නැෂනල් ක්‍රයිසන් ගෲප් සංවිධානය මගින් ප්‍රශ්නයක් නැඟුයේ ද නැත.
ඔසාමා ඝාතනය කිරීම යුද අපරාධයක් බවට හඬක් ද නොනැඟුණි. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ ද නිහඬ වූවාය.
එහෙත් දහස් ගණනක් ඇමරිකානුවන්ගේ මරණවලට වගකිවයුතු යෑයි කියමින් ඔබාමා විසින් අල්ඛයිඩා නායකයා ඝාතනය කිරීමට නියෝග කළේය. මේ අනුව ඔබාමා "පැමිණිලිකරු-විනිශ්චයකරු-ජූරිය සහ අළුගෝසුවා" ලෙස ක්‍රියා කර ඇත.
නීතිය ඉටුකර ඇත යනුවෙන් ඔබාමා ප්‍රීතිඝෝෂා කළේ බින් ලාඩන් ඝාතනයවීම ගැනය. එහෙත් බින් ලාඩන් බිහි කළේ කවුරුන්ද? එA ඇමරිකානු සී.අයි.එA. සංවිධානයයි. 1999 ජනවාරි 17 වැනිදා බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත පැවසුවේ ප්‍රැන්කස්‌ටින් නමැති යක්‍ෂයාව නිර්මාණය කළේ සී.අයි.එA. සංවිධානය බවයි. (FRANKENSTEIN THE CIA CREATED)
ඔසාමා බින් ලාඩන් ඇතුළු කණ්‌ඩායමට ත්‍රස්‌ත පුහුණුව සහ අවි ආයුධ පවා සපයා ඇත්තේ ද ඇමරිකානු බුද්ධි සේවාව වූ සී.අයි.එA. සංවිධානයයි. (Training and weaponary mainly Supplied by the CIA)
ඇමරිකානු සී.අයි.එA. සංවිධානය විසින් බින් ලාඩන්ට දී තිබූ අන්වර්ථ නාමය වූයේ ටිම් ඔස්‌මාන්ය. (Tim Osman)
පකිස්‌තානයේ පෙෂාව්ර්හි සිට ක්‍රියාත්මක වන අහ්මද් රෂිද් නමැති මාධ්‍යවේදියා වරක් පැවසුවේ 1986 දී සී.අයි.එA. නිර්මාතෘ විලියම් කේපී විසින් ඉස්‌ලාමීය සටන්කාමීන් රැසක් පකිස්‌තානයේ රහසිගත ස්‌ථානවල පුහුණු කිරීම සඳහා බඳවාගත් බවයි. මෙය සනාථ කළේ ඇමරිකානු එA.බී.සී. රූපවාහිනියේ හිටපු විමර්ශකයකු වූ වෝන් කුල්ය. ඇමරිකානු සී.අයි.එA. සංවිධානය වර්ජිනියා ප්‍රදේශයේ සී.අයි.එA. පුහුණු කඳවුරකදී බින් ලාඩන්ගේ පිරිසට පුහුණුවීම් දුන් බවත් මෙම පුහුණුවීම්වලට කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීම ගැන ද ඇතුළත් වූ බවත් ඔහු හෙළි කළේය. (The CIA Trained Osama Bin Laden and other Arabs in the techniques of Terrorism)
මේ පුහුණුවීමේ මෙහෙයුම ඔපරේෂන් සයික්‌ලෝන් (OP-Cyclone)
මෙලෙස ඇමරිකානු රහස් ඔත්තු සේවය විසින් නිsර්මාණය කළ බින් ලාඩන්ව ඝාතනයට ලක්‌වූයේ පකිස්‌තානයේ ආමොටාබාඩ්හි සුවිසල් නිවසක සැඟවී සිටියදීය.
සී. අයි. ඒ. සංවිධානය විසින් මෙහෙය වන ලද ඇමරිකානු දිගු දුර ප්‍රහාරක එAකකයක් විසින් බින් ලාඩන් මරා දැමීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය.
"ඔසාමා මරා දැමීමේ මෙහෙයුම මා අනුමත කළා"යෑයි බින් ලාඩන් ඝාතනයවීමෙන් විනාඩි 30 කට පසු ඇමරිකානු ජනාධිපති ඔබාමා කියා සිටියේය.
ඔබාමා මේ ඝාතනය ගැන හිටපු ජනාධිපති ජෝර්- බුෂ්ට ද දැනුම් දුන්නේය. ජෝර්- බුෂ් ද එA සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය. "භීෂණයට එරෙහි සටන ගෙනයනවා. ඇමරිකාව අද භීෂණය ගෙන යන අයට පණිවුඩයක් යවනු ලැබුවා. කොපමණ කලක් ගතවුවත් නීතිය ඉටු කරනවා" යන්න එම පණිවුඩය යෑයි ජෝර්- බුෂ් පළ කළේය.
මේ ප්‍රකාශයෙන් ඔහු සෘජුව පැවසුවේ ඇමරිකාවට එරෙහිව ක්‍රියා කරන ත්‍රස්‌තවාදීන් කොතනැක සිටියත් මරණ බවයි. ඇෆ්ගනිස්‌තානයේ සිට පකිස්‌තානයට ගිය ඇමරිකානු ප්‍රහාරක එAකකය විසින් බින් ලාඩන් ඝාතනය කිරීම ගැන බටහිර මාධ්‍ය අපමණ ලෙස සතුටට පත්වී ඇත.
මේ ප්‍රහාරක එAකකය සතුව ලේ පටලවලින් නිසි පුද්ගලයා හඳුනා ගැනීමේ උපකරණ පවා තිබිණි.
බින් ලාඩන්ගේ සිරුර පවා ඇමරිකානු හමුදා එAකකය විසින් සොයා ගැනීමෙන් පසු ඩී.එන්.එA. හෙවත් ලේ පටල පරීක්‍ෂාව සිදු කිරීමෙන් සිරුර බින් ලාඩන්ගේ යෑයි සනාථ විය.
මේ නිසා ප්‍රකාශයක් කළ ඇමරිකානු ජනාධිපති ඔබාමා මෙතෙක් ලැබූ විශාලතම ජයග්‍රහණය මෙය බව කියා සිටියේය.
බින් ලාඩන් ඝාතනයවීම සම්බන්ධ පුවත ප්‍රකාශයට පත්වීමත් සමගම ඇමරිකාවේ ධවල මන්දිරය සමීපයේ රැස්‌වූ ඇමරිකානු වැසියන් පිරිසක් ප්‍රීති ඝෝෂා පවත්වා ඇත.
මෙලෙස ප්‍රීතිඝෝෂා පැවැත්වීම වැරැද්දක් යෑයි කිසිම මානව හිමිකම් සංවිධානයක් පැවසුවේ නැත. මේ අතර ඇමරිකානු මාධ්‍ය පැවසුවේ බින් ලාඩන් පමණක් නොව පවුලේ අනිකුත් සාමාජිකයන් ද මරුමුවට පත්වී ඇති බවයි. (Bin Laden was Killed along with other members of his family.-U.S.official said)
මේ පසුබිම මැද බින් ලාඩන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මානව හිමිකම් ගැන කිසිම මානව හිමිකම් සංවිධානයක් හඬනඟා නැත.
3000 කට අධික ජනතාවක් මරුමුවට පත් කරමින් වසර 10 කට පෙර ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධව වගකිවයුතු අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් පමණක් නොව පවුලේ සියලු දෙනාම ඝාතනය කිරීමට ඔබාමා අවසර දී ඇතැයි මින් සනාථ වේ.
මෙලෙස බින් ලාඩන්ගේ පවුලේ අය මැරීමට ඔබාමාට අවසර දුන්නේ කවුරුන්ද? 1957 මාර්තු 10 වැනිදා සෞදි අරාබියාවේ ධනවත් පවුලක උපන් ඔසාමා බින් ලාඩන්ට දරුවන් විසිපස් දෙනෙකු සිටින බව වාර්තා වේ. 1967 දී ඔහුගේ පියා වූ මොහමද් බින් ලාඩන් ගුවන් අනතුරකින් මරුමුවට පත්විය.
විද්යුත් උපාංග ගැන මැනවින් දන්නා ඉංජිනේරුවකු ලෙස කටයුතු කළ බින් ලාඩන්ට එරෙහිව මුලින්ම අන්තර්ජාතික වරෙන්තුවක් ප්‍රකාශයට පත් කළේ ලිබියාවයි. 1998 දී ඇමරිකානු ජනාධිපති බිල් ක්‌ලින්ටන් විසින් නියෝගයක් නිකුත් කරමින් බිල් ලාඩන් අත්අඩංගුවට ගෙන ඇමරිකාවට ගෙන එන්නැයි සී.අයි.එA. සංවිධානයට නියෝග කළේය.
1998 අගෝස්‌තු 20 වැනිදා ඇමරිකානු ප්‍රහාරක නාවික යාත්‍රා මගින් ඇµaගනිස්‌තානයේ කෝස්‌ට් ප්‍රදේශයේ පිහිටි බින් ලාඩන්ගේ කඳවුරුවලට කෘස් මිසයිල 66 ක් එල්ල කළත් එම කඳවුරුවල බින් ලාඩන් නොසිටි බව හෙළි විය.
1999 වසරේදී සී.අයි.එA. සංවිධානය විසින් පකිස්‌තාන් හමුදාවේ සහාය මැද කමාන්ඩෝ භටයන් 60 කගෙන් යුත් පිරිසක් යවා බින් ලාඩන් සිටි ස්‌ථානයට ප්‍රහාර එල්ල කිරීමට දියත් කළ සැලසුම අතරමඟ නතර විය.
එහෙත් 2005 දී සී. අයි. ඒ. සංවිධානය ඔසාමා බින් ලාඩන් විනාශ කරලීම සඳහා අතුරු හමුදා ඒකක පුහුණු කරනු ලැබීය.
සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග ඇමරිකානු රජය ඔසාමා බින් ලාඩන් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා තොරතුරක් සපයන්නකුට ඩොලර් කෝටි පහක් දෙන බවට ප්‍රකාශයට පත් කළේය. මේ හැර ගුවන් නියමු සංවිධානය විසින් ඩොලර් මිලියන 2 ක් ප්‍රදානය කරන බවද කියා සිටියේය. 2009 දෙසැම්බර් මාසයේදී ඇµaගනිස්‌තානයේ සිටි ඇමරිකානු හමුදා නායකයා වූ ජෙනරාල් ස්‌ටැන්ලි මාන්ස් ක්‍රිස්‌ටල් පැවසුවේ ඔබාමා බින් ලාඩන් අල්ලා ගන්නා තුරු හා මරා දමන තුරු අල්කයිදා සංවිධානය පරාජය කළ නොහැකි බවයි. ඔසාමා බින් ලාඩන් සම්බන්ධයෙන් 2002 ඔක්‌තෝබර් මාසයේදී ඇµaගනිස්‌තානයේ ජනාධිපති හමීඩ් අබ්දුල් කරාසි පැවසුවේ බින් ලාඩන් මියගොස් ඇති බව තමා විශ්වාස නොකරන බවයි. 2006 සැප්තැම්බර් 23 වැනිදා ප්‍රංශ රිපබ්ලිකන් පුවත්පත බින් ලාඩන් මියගිය බවට පුවතක් පළ කරනු ලැබීය. 2007 නොවැම්බර් මස පකිස්‌තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝ පැවසුවේ අල්කයිඩා දෙවැනියා වූ ඕමාර් ෂික් විසින් බින් ලාඩන් මරා දැමූ බවයි. 2009 මැයි මස ඇමරිකානු බොස්‌ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇන්ජලෝ කොඩේවිලා ද ප්‍රකාශයක් කරමින් බින් ලාඩන් මියගොස් ඇතැයි පළ කර ඇත.
පකිස්‌තානයේ ජනාධිපති අසීස් අල් සර්දාරි ද බින් ලාඩන් මියගොස් ඇතැයි සඳහන් කරනු ලැබීය. එහෙත් 2010 ජනවාරි 15 වැනිදා ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් බින් ලාඩන්ගේ ඡායාරූප රැසක් ප්‍රකාශයට පත් කෙරිණි. 2010 ඔක්‌තෝබර් 10 වැනිදා නේටෝ සංවිධානයේ නිලධාරියකු පැවසුවේ බින් ලාඩන් පකිස්‌තානයේ සුපිරි නිවසක ජීවත්වන බවයි. 2011 මැයි 1 වැනිදා ඇමරිකානු ජනාධිපති ඔබාමා ප්‍රකාශයක් කරමින් පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නගරයේ සිදු කළ රහස් මෙහෙයුමකදී බින් ලාඩන් මියගිය බව හෙළි කර ඇත. බින් ලාඩන්ගේ මියගිය සොහොයුරියකගේ ලේ පටල හා බින් ලාඩන්ගේ සිරුරේ ලේ පටල විමර්ශනයට ලක් කිරීමෙන් මේ බව සනාථ වී තිබේ.
ඔසාමා බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දැක්‌වූ පකිස්‌තාන් බුද්ධි සේවා නිලධාරියකු පැවසුවේ අතිශයින්ම රහසිගත මෙහෙයුමක් යටතේ මේ ප්‍රහාරය දියත් වූයේ සතියකට පෙර බවයි.
අල්ඛයිඩා නායකයා ඝාතනය වීම ගැන ත්‍රස්‌ත ප්‍රහාරයට ලක්‌වූ අයගේ ඥතීහු ප්‍රසාදය පළ කර ඇතැයි ද වාර්තා විය.
ඔසාමා බින් ලාඩන් සහ පවුලේ අය විනාශ කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම හා ඔවුන් මරා දැමීමට ඔබාමා නියෝග කිරීම ගැන බෑන් කී මූන් විද්වත් මණ්‌ඩලයක් පත් කරන්නේද?
ඇමරිකාව මෙහිදී ක්‍රියා කළේ ත්‍රස්‌තවාදියකු විනාශ කළ යුතුයි. එA සඳහා අපට හිමිකමක් ඇති බව මුළු ලොවටම පෙන්නුම් කිරීමයි. ඔසාමා බින් ලාඩන් යනු ඇමරිකානු නිෂ්පාදනයකි. ඵ් Made in U.S.A. ඔහු ඝාතනයවීම ගැන ඇමරිකානු වැසියන් සතුට පළ කරන අතර අන්තවාදී මුස්‌ලිම් සංවිධාන මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්‌වා නැත.
ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට පමණක් නොව යේමනය, සුඩානය, කෙන්යාවේ නයිරෝබි යන නගර වෙත ද අල්ඛයිඩා නායකයාගේ බලය ව්‍යාප්ත වී තිබිණි. 1998 අප්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල දෙකකට ද ප්‍රහාරයක් එල්ල විය. 2000 වසරේ යේමන වරායට පැමිණි කෝල් නමැති ඇමරිකානු ඩිස්‌ට්‍රොaයර් යුද නෞකාව පුපුරුවා හැරීම දියත්වූ මෙහෙයුමේදී නැවියන් 17 ක් මරුමුවට පත්විය. "අපි ඔහු විනාශ කළෙමු" යෑයි ඇමරිකානු මාධ්‍යයන් ද සතුට පළ කරමින් බින් ලාඩන් ඝාතනය ගැන කරුණු දක්‌වා ඇත.
ශ්‍රී ලංකාව ප්‍රභාකරන්ට එරෙහිව ක්‍රියා කළේ ජාත්‍යන්තර යුද ප්‍රමිතීන් මත නොවේ යෑයි බටහිර රටවල් විසින් පවසා තිබිණි.
එසේ නම් බින් ලාඩන් ඇතුළු පවුලේ පිරිස ඝාතනය වූයේ ජාත්‍යන්තර ප්‍රමිති මතද? ඔසාමා සමග වෙඩි හුවමාරුවක් ඇතිවූ බව ඇමරිකානු රජය පවසයි. එහෙත් ඇසින් දුටු සාක්‍ෂි තිබේද?
ත්‍රස්‌තවාදීන් විනාශ කරලීමට ඇමරිකාවට හිමිකමක් ඇත්නම් එම අයිතිය ශ්‍රී ලංකාවට ද හිමිය.
කීර්ති වර්ණකුලසූරිය
සුළු අපනයන බෝග වගාවට දිරිගැන්වීම්
ලසිත දුමින්ද
සුළු අපනයන බෝග වගා සඳහා ව්‍යාපෘති නිලධාරීන් දිරිගැන්වීමට සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත.
සුළු අපනයන බෝග වගා පරිසරය හෙක්‌ටයාර් 3000 දක්‌වා වැඩි කිරීම සහ අපනයන ආදායම දෙගුණ කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෑම දිස්‌ත්‍රික් කාර්යාලයකටම අනුබද්ධව සිටින ව්‍යාපෘති නිලධාරීන් හමුවී දැනට ඔවුන් විසින් ග්‍රාමීය මට්‌ටමින් සිදුකොට ඇති ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදුකිරීමට නියමිතය.
ඉකුත් වසරේ (2010) සුළු අපනයන බෝග ආදායම රුපියල් මිලියන 24000 ක් පමණ වූ අතර, ලබන වසරේ එම ආදායම දෙගුණ කිරීමට අමාත්‍යංශය අපේක්‍ෂා කරයි.
අපනයනය කරනු ලබන බෝග අතර කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි ප්‍රධාන ස්‌ථානයක් ගනී. මීට අමතරව කහ සහ ඉඟුරු වගාව සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පෙන්වා දෙයි.